තබිලීක් ජමාඅත් සංවිධානය සවුදි රජය විසින් තහනම් කිරීම හා ඥානසාර හාමුදුරුවන්ගේ අදහස් දැක්වීම පිළිබඳවයි.

තබිලීක් ජමාඅත් සංවිධානය සවුදි රජය විසින් තහනම් කිරීම හා ඥානසාර හාමුදුරුවන්ගේ අදහස් දැක්වීම පිළිබඳවයි.


ඥානසාර ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ශ්‍රී ලංකාවේ තබ්ලීක් ජමාඅත් සංවිධානය තහනම් කිරීමට අවශ්‍ය බව උඩුබුරන ආකාරය මා සමාජ නාලිකා වල දුටුවෙමි.

එම නිසා තබ්ලික් ජමාත් සංවිධානය කෙබඳු එකක් ද, සවුදියෙ රජකම මොනආකාරයේ එකක්ද , අපි කුමක් කළ යුතුද, ඔබ වංසයේ බෞද්ධ භික්ෂුවක් ලෙස කොතනද සිටින්නේ,  ඔබවහන්සේ යන ගමන හරිද පිළිබඳව මගේ මතය හා සත්‍යය පසුබිම තරමක් දුරට ඉදිරිපත් කරන්න කැමැත්තෙමි.

පළමුවෙන්ම ඔබ වහන්සේට මා මතක් කර දෙන්න කැමතියි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ධර්මය ජනතාවට අවබෝධ කර දෙන අවස්ථාවේ ඉන්දියාවේ විවිධ මත හා ආගමික දර්ශන පැවැත්වුණා. ඒවා අදටත් පවතිනවා උදාහරණයට නිඝණ්ඨනාථ පුත්‍ර නිර්වස්තරයෙන් ඇවිදෙන ආගමික කණ්ඩායමක්, ඔවුන් නිරුවතින් සිටින්නේ ඇඳුම් අඳින්නේ නැත. අගෝරි කියලා මිනි මස් කන කණ්ඩායමක් .මේ වගේ වෙනත් මත දරන ගොඩාක් අය සිටියා. නමුත් බුදුරජාණන් වහන්සේ ඔවුන්ට ඔවුන් කියන මේවා වැරදිය- උඹලා ඒක කරන්න එපා මෙහෙ වරෙන් මං කියන දේවල් අහපල්ලා. මමයි හරි කියලා කියන්න ගියේ නෑනේ. ? එහෙම බුදුරජාණන් වහන්සේ පවසන්න ගිහින් තිබේ නම්, අදට ලෝකයේ බුදු දහම නැහැ. බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධ කරල දුන්නා .තමන් වෙතට එන කට්ටියට අවිහිංසාවෙන් ආදරෙන් කරුණා මෛත්‍රියෙන් සත්‍ය පහදා දුන්නා .ඒ ආකාරයටයි බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයෝ හැදුනේ. අවිහිංසාවාදී ආගමක් බුද්ධධර්මය. චන්ඩිකමට , පුළුවන්කාරකම් වලට තක්කඩිකම් වලට  එහි ඉඩ නැත. එවැනි ආකාරයට යම් භික්ෂුවක් හැසිරෙනවා නම් ඔහු භික්ෂුවක් නෙවෙයි කියලා , සංඝ විනය නැති කෙනෙක් කියලා වඩාත් දුරට ගැලපෙනවා. මේ ඔබ වහන්සේ පළමුව තේරුම් ගත යුතුයි.

ලංකාවේ ප්‍රධාන ආගම් කීපයක් තිබෙනවා .ඉස්ලාම් බෞද්ධ හින්දු හා ක්‍රිස්තියානි මේ ආගම් නියෝජනය කරන පූජකවරුන්, ආගමික නායකයන් බොහෝ දෙනකු සිටිනවා නමුත් ඔබවහන්සේ කොහේ හරි දැකල තිබෙනවා ද හින්දු පූසාරි වරයෙක් තක්කඩියෙක් වගේ නටනවා ? මුස්ලිම් මවුලවි කෙනෙක් තක්කඩියෙක් වගේ නටනවා ? හිතුනු පූජක තුමෙක්  පිස්සු හැදිලා වගෙ නටනවා ? කවදාවත් නැහැ ඉදිරියටත් නැහැ කලින් තිබිලත් නැහැ. මෙසේ තිබියදී බෞද්ධ භික්ෂුවක් යයි ඔබ වහන්සේ මේ නටන නාඩගම නිසා මේ තරම් උතුම් බුදු දහම කොතරම් අපහාසයට ලක් වෙනවා ද ? කෝසල රජතුමාගේ සිහින දාසය ප්‍රායෝගිකව උඹ වංශය ඔප්පු කරලා පෙන්නනවා ද?ලෝකයා ඉදිරියේ බුදුදහම කොච්චර අපහාසයට ලක් වෙනවද ? මේ සියල්ල ඔබ වහන්සේට සිදුවෙනවෙන හානියක් ද ?නැහැ. මේ සමස්ත සංඝ විනය ආරක්ෂා කරලා උතුම් බුදු දහම හරියට පිලිපදින ස්වාමීන් වහන්සේලාට හා මුළු මහත් බෞද්ධ දහමටම නින්දාවක් නොවේ ද ?මේ ඔබ වහන්සේට වැටහෙන්නෙ නැද්ද? නමුත් මෙම පාප කර ක්‍රියාව සිංහල බෞද්ධ සහෝදර ජනතාවට වැටහිලා ඉවරයි.

අහිංසක සිංහල ජනතාව ජාතිවාදයෙන් පුම්බලා , ඔබ වහන්සේ ඉදිරියට ආවා. ඔබ වහන්සේට ලොකු සිංහල බෞද්ධ ජනතාවගේ සිත් තුළ පිළිගැනීමක් තිබුණා.ඒ ගොල්ල  මහත් ගෞරවය  දුන්නා. ජාතිවාදය වපුරලා, බුදු දහමට හා බෞද්ධ ජනතාවට මුස්ලිම් ජනතාව විශාල අනතුරක් වෙන්න යනවා කියලා බය ගැන්වූවා .උන් බය උනා . ඔබ වහන්සේ වටා රොක් වුණා. කියන දේ වලට සවන් දුන්නා .නමුත් එය කඩේ ගිය ජවනිකාව කියලා ඔවුන්ට දැන් වැටහිලා හමාරයි. එකේ ප්‍රතිඵලය තමයි දැන් ඔබ වහන්සේට පාරේ යන සාමාන්‍ය ජනතාව .සාමාන්‍යද ආච්චිලා සීයලා  පවා බැණ වැද ලා. ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරනවා පමණක් නොවේ බුද්ධ ධර්මය කෙළසනවා කියන එක ප්‍රසිද්ධියේම කියා පානවා . මෙයින් මතුවට හරි ඔබ වහන්සේ හැදෙන්න අවශ්‍ය නැද්ද? තවත් ඔබ වහන්සේට මේ භේදභින්න කරලා රට ගිනි තියන ජාතිවාදය  වපුරන මානසිකත්වය විසික් කර දමන්න හිතක් නැද්ද,.?

සිංහල රජ කාලයේ සිංහල රජවරු මුස්ලිම් ජනතාවට හොඳින් සැලකුවා . පොතුගීසීන්
 විසින් මුස්ලිම් ජනතාවට අසාධාරණකම් සිදුවුණා ඇත්ත .එය දේශපාලන හේතු නිසා එවැන්නක් වුණා .නමුත් රජවරු මුස්ලිම් ජනතාව අත්හැරියේ නෑ. ඔවුන්ට අවශ්‍ය කරන ආරක්ෂාව සකසා දී ආරක්ෂාව ලබා දුන්නා. අවුරුදු 1000 කට වඩා වැඩි ඉතිහාසයක් තියෙන මුස්ලිම් ජනතාව කවදාවත් සිංහලයාට විරුද්ධව අවි එසෙව්වේ නැහැ. ව්ජාතිකයන් හරහා පාවාදීම් කරේ නැහැ. කුහකකම් නොකර ඉතාමත් විශ්වාසවන්ත ලෙස මේ රට වෙනුවෙන් ඔවුන් ඔවුන්ගේ  පුළුවන් සියල්ල කරලා දුන්නා .එය හැර ඔවුන්ට එදා අවශ්‍ය නම්, මේ රට අරාබියෙන් හමුදාවක් ගෙනල්ලා අත්පත් කරගන්න තිබුණා.

නමුත් කාපු පතේ පහරන විදිහට මුස්ලිම් අරාබිවරුන් හෝ මේ රටේ හිටපු මුස්ලිම් අය ක්‍රියා කළේ නැහැ කියන එකත් ඔබ වහන්සේ තේරුම් ගත යුතුයි. අන්තිමට අපේ රටට නිදහස ලබා ගැනීමට පෙර ඉංග්‍රීසි ජාතිකයන් මෙහි සිටින සුළු ජාතිකයන්ට තියෙන වරප්‍රසාද කියලා ඒව තහවුරු කරමින් තමයි නිදහස ලබා දුන්නේ .නමුත් ඒක පසුව වෙනස්කම් වලට භාජනය වුණා. මෙහිදී ඔබ වහන්සේ හොඳින් තේරුම් ගත යුතු ස්ථානයක් තිබෙනවා.  සිංහල හෝ මුස්ලිම් විද්වතුන් තාම මේක ප්‍රසිද්ධියේ පහදා දුන්නේ නැහැ කියා මා සිතමි .එය තමයි සිංහල ජනතාවගේ මේ රට භාරදීමට පෙර සුළුතර දමිළ ජනතාවගෙන් ඇසූ විට ඔවුන් කියා සිටියේ සිංහලයාට ලබාදෙන වරප්‍රසාද සියල්ල 50 ට 50 අපිටත් අවශ්‍යයි කියලයි .නමුත් මුස්ලිම් ජනතාව නියෝජිතයා වශයෙන් ටී බී ජායා තුමාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ අපිටත් 50 ට 50 දෙන්න කියලා නෙවෙයි .එතුමා කිව්වේ පළමුව ඕගොල්ලෝ අපේ රටට නිදහස දීලා පිටවෙන්න සිංහල ජනතාව අපේ ලොකු අයියා .ඒගොල්ලො අපේ දේවල් බලා ගනීවි කියන එක. ඒ කොතරම් ව්ශ්වාසවන්ත හා වැදගත් ප්‍රකාශයක් ද? එසේ එතුමා නොපවසා  50% ක් අවශ්‍යයි කියලා පවසා තිබුණා නම් මොකද්ද වෙන්නේ?  එංගලන්ත වරුන් ගිය රටකට ඒ කඩා වෙන් කරන්නෙ නැතුව භේද භින්න ඇති කරන්නෙ නැතුව නිදහස ලබාදීලා ගිය ඉතිහාසයක් නැත. ලංකාව විතරයි එයින් බේරුණේ. හේතුව කුමක්ද මේ දමිළ ජනතාව එක්තරා සුළු ජාතිකයන් පමණක් 50% ඉල්ලුවත් මුස්ලිම් ජාතිකයන් සිංහල ජනතාව කෙරෙහි තැබූ විශ්වාසය නිසා දෙමළ කතා කරන දෙමළ ජනතාවයි මුස්ලිම් ජනතාවයි එකට යා කර උතුර-නැගෙනහිර කඩන්නෙ නැතුව, මුලු ලංකාවටම එකම ධජය යටතේ නිදහස ලබා දුන්නා. එසේ නොවන්නට එදා doctor ජායා කට වරද්දා තිබුණා නම් අදට ලංකාව කියන්නේ උතුරු පළාත ඊළම් ලෙසත් මේ කොටස ශ්‍රී ලංකාව ලෙසත් රටවල් රාජ්‍ය වල් දෙකක් වෙන්න ඉඩ තිබුණා .එසේ වෙලා තිබුණා නම් අපේ පාලකයින්ගේ තියෙන දුර්වලතා මත මේ ඉතිරි ලංකාවේ කොටසත් දෙමළ රාජ්‍යය විසින් අත්පත්කරගෙන මුළු මහත් සිංහල ජනතාවට, මෙහි වෙසෙන මුස්ලිම් ජනතාවට අනාථ කඳවුරුවල පවා ඉන්නට ඉරණම විසඳා ඇති .නමුත් එවැන්නක් නො වී මේ රට බේරා ගැනීමට මුස්ලිම් ජාතිකයකු ක්‍රියා කළාට  මුළු මහත් සිංහල ජනතාව ම ණය ගතිය කියන එක ඔබ වහන්සේ අද හරි තේරුම් ගත යුතුයි.

නිදහස ලබා ගැනීමට පෙරම නිදහස වෙනුවෙන් අරගල කරන කොට 1915 වේදී ඇති වූ මුස්ලිම් විරෝධී කැරැල්ලේ දී ,ඩී එස් සේනානායක මැතිඳුන් අශ්වයා පිට නැග පැවසුවේ කුමක්ද? කල දුටු කල වල ඉහ ගනිල්ලා . ඒ කියන්නේ අවස්ථාව ආපු වෙලාවේ සිංහල ජනතාවට කිව්වේ මුස්ලිම් මිනිස්සුන්ට  පහර දීලා ප්‍රතිලාභ ලබා ගන්නා ලෙසයි. මෙය නිසාම ඔහු  හිරේට යන්න සිදු වුණා . ඒ ඉතිහාසය ඔබ. පසුව නිදහස ලබා ගැනීමෙන් අනතුරුව ඔහුගේ බෝතලේ වලව්වේ පැවැත්වුණු සාකච්ඡාවේදී පළමුව කරපු ප්‍රකාශය කුමක්ද?  සිංහල උදවිය මුස්ලිම් ගෙවල් වලට ගිහිල්ලා වලං හෝදනවා අපි දන්නවා නමුත් එය වෙනස් කරලා , මුස්ලිම් ගෑනු අපේ ගෙවල් වලට ඇවිල්ලා වළං හෝදන තත්ත්වයට මාරු කළ යුතුයි කියලා .ඔබ වහන්සේ මෙම කතාව දන්නවාද? බොහෝ අය දන්නේ නැහැයි සිතමි.

ඉන්පසුව  අවශ්‍යතා සඳහා ප්‍රජාතන්ත්‍රවාදය  ඉදිරියේ සිංහල ජනතාව ටික ටික ජාතිවාදීන් උලුප්පලා දේශපාලන වාසි ලබාගන්න පක්ෂ වල් දෙකම ක්‍රියා කළා .එහි ප්‍රසිද්ධ වශයෙන්ම ජාතිවාදය වපුරපු පුද්ගලයා තමා  එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මැතිතුමා. ඔහු සිංහල භාෂාව පැය 24 ක් ඇතුළත ගෙන එනවා කියල ලේ වැගිරීමක් කරලා සදහටම සිංහලයා මතර විශ්වාසය තබා තිබූ දෙමළ ජනතාව වෙනස් කරා. ඔහු   අග්‍රාමාත්‍ය වුණා. නමුත් ඔහු කරපු පව නිසාම ඔහුට ම අකාලේ මියයන්න සිදුවුනා. නමුත් එදා භේද වූ දමිල ජනතාව ලොකු යුද්ධයකට සැරසිලා අපි කොතරම්  විනාශයකට මුහුණ දුන්න ද ? එයින් පසුව අනිත් ජාතිවාදය තමයි චම්පික රණවක. එතුමා ලංකාවේ නැති මැදපෙරදිග නැත්නම් වෙනත් රටවල තියෙන ඉස්ලාම් අන්තවාදය මෙහි ලංකාව ඇති බව  පොතක් ලියලා යක්ෂයෙක් මවා පෙන්වා සිංහල ජනතාව බිය ගැන්නුවා. ජාතිවාදයෙන් සිංහල ජනතාවගෙන් පිරිසක් වියරුව වට්ටන්න ඔහු ක්‍රියා කළා .ඔහුගේ බලාපොරොත්තුව වූයේ එම ජාතිවාදය තුළින් ජනාධිපති කිරුල අත්පත් කර ගැනීමයි. නමුත් එම ජාතිවාදි ක්‍රමවේදය තුළ පෙනුනු ප්‍රතිඵලය තේරුම් ගත් වෙනත් බලවේගයක් ඔහුව අභිබවා ගියා . නමුත් අද වෙලා තියෙන්නෙ මොකක්ද ?ඒ ජාතිවාදී ගිනි දැල්වීම සඳහා වඳ කොත්තු වඳ ටොෆි වඳ සැත්කම් කියලා ගොඩක් දේවල් ඉදිරියට ආවා .අද සිංහල ජනතාව තේරුම් අරගෙන තියෙනවා මේ සියල්ල නාටක බව. මේ සියල්ලම බලය සඳහා වූ අරගලය කියලා. එම නිසා බලය වෙනුවෙන් මවා පෙන්වූ රකුසන් ලෙස තේරුම් අරගෙන තියෙනවා. ලංකාවේ සිටින මුස්ලිම් මිනිස්සු මේ රට අල්ලන්න සිංහලයා විනාශ කරන්ඩ සිංහල මව්වරැන්ගේ දරුවන් විනාශ කරන්න කවදාවත් පෙළඹෙන ජාතියක් නෙවෙයි. හොඳට මතක තියාගන්න තමන් ජීවත් වෙන්න රස්සාවක් කරලා අනුන්ට හිරිහැරයක් කරන්නැතුව ජීවත්වෙන්න උත්සාහ කරන එකයි ඔවුන්ගේ අභිලාෂය වෙලා තියෙන්නෙ . ඔය විකාර දේවල් ලංකාවෙ ඉන්න මුස්ලිම් මිනිස්සුන්ගේ අදහස් වල නැත. මේ මුස්ලිම් මිනිස්සු මේ රට අල්ලන්න උත්සාහ කරනවද? රට වටා විසිරිලා ඉන්න මේ මුස්ලිම් ජනතාව සිංහල මිනිසුන්ට විරුද්ධව යුද්ධ කරනවා නම්, ඔවුන්ට විරුද්ධව අවි උස්සනවා නම්, සිංහල මිනිසුන්ට මුස්ලිම් මිනිස්සුන්ට පහර දෙන්න ඕනෙ නැහැ. අපිත් එක්ක කිසිදු සම්බන්ධකමක් පවත්වන්න එපා කියලා තල්ලු කරලා තිබ්බත් කන්න බොන්න නැතුව  මැරිලා යන එක තමයි ඇත්තම කතාව. සිංහලයා නැතුව මේ මුස්ලිම් ජනතාවට ජීවත් වෙන්න බෑ .කිසිම දෙයකින් මුස්ලිම් සමාජ අංග සම්පූර්ණ නැහැ. සියලු දේ වෙනුවෙන් බලාපොරොත්තුවෙන් ඉන්න සිංහල ජනතාව දෙසටයි.එම නිසා එහෙම මෝඩකම  මුස්ලිම් මිනිස්සු කරනවා කියන එක හිතාගන්නවත් බෑ. නමුත් සහරාන් වැනි පිස්සෙක් හා ඔහුගේ කණ්ඩායම කුමක්දෝ උගුලකට අහු වෙලා ලොකු විනාශයක් කරා. නමුත් එයට මුස්ලිම් අපි සියලු දෙනාම වගකිවයුත්තන් නොවන බව හොඳට තේරුම් ගන්න.

තබ්ලීක් ජමාඅත් කියන්නේ කිසිදු දේශපාලන හෝ අරගලකාරී අන්තවාදී අදහස් කිසිවක් නොදරන, ඇමරිකාවේ පවා ඔවුන් පිළිබඳව බුද්ධි අංශය විසින් පරික්ෂා කරල, ඔවුන්ට විරුද්ධව කිසිදු සාක්ෂියක් නැති සංවිධානයක් ලෙස  අනුමැතිය ලැබී තිබෙනවා.තබ්ලික් ජමාත් වරුන්ට ඊශ්‍රායලයට පවා යා හැකියි .මොසාඩ් සංවිධානයෙන් වත් ඔවුන් ගැන කිසිදු වරදක් සොයාගෙන නැත .නමුත් සෞදියට විතරක් අන්තවාදී වූයේ කෙසේ ද කියා ඔබ වහන්සේට පැහැදිලි කිරීම පහසු කාරියක් නොවේ. 
සවුදි රාජ්‍යයේ තිබෙන්නේ රජතුමා මූලික කරගත් ආණ්ඩුක්‍රමයක්. ඉස්ලාම් දහමට අනුකූලව ප්‍රජාතන්ත්‍රවාදී කලීෆා ක්‍රමය තිබිය යුතුයි .නමුත් එහි එය නැත . එක්තරා පිරිසක් රාජ්‍ය සම්පත් තමන්ගේ සුඛ විහරණයට භාවිතා කරමින් හිතුමතේ පාලනයක් තමා එහි සිදු වෙන්නේ .ඉස්ලාම් නීතිය නොහොත් ෂරියා නීතිය එහේ නාමිකව තියන්න පුළුවනි .නමුත් එහි ජනතාවට මුස්ලිම් නොවන රටක ලබාදී තිබෙන නිදහස වත් ලබා දී නැත. යුරෝපයේ ඇමරිකාවේ මුස්ලිම්වරුන්ට ලබා දී තිබෙන ඉමහත් නිදහස් කිසිවක් සෞදි රජය තුළ නැත . හේතුව තබ්ලික් ජමාත් වරුන් ඉස්ලාම් විරෝධී සදාචාර විරෝධී දේවල් මිනිස්සුන්ට පෙන්වා දී නිසි ලෙස අල්ලා දෙවියන්ට බිය වී ආගම පිළිබඳ ධර්ම දේශනා කිරීම තුළින් ඔවුන්ගේ රජකමාට නැත්නං වර්තමාන සෞදි අරාබියාවේ වර්ධනය වෙමින් යන යන සදාචාර විරෝධී ක්‍රියාකාරකම් වලට අනතුරක් සිදු වේවි කියන එකම හේතුව තමයි.

ලංකාවේ ඔබ වටා මුස්ලිම් පොරව අත මිටවල් සිටිනවා. ඔවුන් ඔවුන්ව පාරම්පරික මුස්ලිම් කියා හඳුන්වා දෙන අතරතුර වෙනත් දරන අයටත් තබ්ලීක් මත දරන අයටත් අන්තවාදී සායම් ගා  තොරතුරු ලබා දෙන විට ඔබ, ඔබ වහන්සේ එය සම්පූර්ණයෙන් පිළිඅරගෙන මත ප්‍රකාශ කිරීම හෝ ගැටලු ඇති කිරීමෙන් වැළකී සිටිය යුතුයි මා ඉල්ලා සිටිමි.

ඔබ වහන්සේ පැහැදිලිවම දන්න දෙයක් තමයි ගෞතම බුදුන් ලෝකෙටම දේශනා කළේ එකම දේශනයයි. නමුත් එහි ථෙරවාදී මහායාන කියා දෙකක් තිබෙනවා. එය දෙක අතර අහස පොළොව වගේ ඇතැම් වෙනස්කම් තිබෙනවා .ඒ වගේම ලංකාවේ ථෙරවාදී බුදු දහම පිළිපදින අයටත් වෙනත් රටවල ථෙරවාදී හා මහායාන අනුගමනය කරන අයටත් අතර තිබෙන සංස්කෘතික හා ආධ්‍යාත්මික වෙනස්කම් බොහෝ තිබෙනවා මේවා සියල්ල නිරවුල් කරලා බෞද්ධ ජනතාව නිසිසේ බුදුරජාණන් දේශනා කළ ආගම විතරක්, තවත් විදියකට කියනවා නම් අපවත් වී වදාළ සෝම හාමුදුරුවන් පිරිසුදු බුදු දහම දේශනා කළා .එය දේශනා කරන විට කුමක්ද සිදු උනේ පිරිසක් උන් වහන්සේ වටා රොක් වී ඉතා ගෞරවයෙන් පිවිතුරු බුදු දහම අධ්‍යයනය කරන්න පිළිපදින්න පටන් ගත්තා . නමුත් වෙන කණ්ඩායමක් ආගම වනසනවා කියලා විවේචනය කළා.නැත්තං එය යම් කට්ටියගේ බඩගෝස්තර කමට අනතුරක් කියලා උන් වහන්සේට විරුද්ධ ව කටයුතු කළා . අද වෙනකම් උන් වහන්සේගේ මරණය පිටුපස සැකයක් පවතිනවා නේද ? ඒ කියන්නේ දහමක් ඇතුළත විවිධ මත විවිධ විශ්වාස වෙනස්කම් ඇතිවෙන්න පුළුවන් අවුල් භාවය ඇති වෙන්න පුළුවන් .ඒ වගේම ඉස්ලාම් ආගම තුළත් කුරානය හදීසය එකමයි කියලා පිළිගත්තත්, තම තමන්ගේ සංවිධානයේ  ආගමික නායකයන් හෝ නැත්නම් බඩගෝස්තර කම සඳහා ඒවා විකෘති කරන පිරිසකගෙන් විවිධ  අදහස් තිබෙනවා . ඒ නිසා ඔවුන් තමන් වැරදි පැති බදාගෙන සිටියත්, හොඳ පැත්තට පහරදෙනවා. විශේෂයෙන් දේශපාලන කරන අය වගේ යම් ආගමික සංවිධාන නායකයින් සිටිනවා. එම පිරිස් එම ආගමික නායකයින්ට  යම්කිසි ජමාත් වලට නායකත්වය දරන පිරිසට දේවත්වයෙන් සලකනවා. සැලකිල්ලෙන් මිදී යාමට සිදුවෙනවා පිවිතුරු ඉස්ලාම් ධර්මානුකූලව ධර්මය තේරුම් ගන්නා විට ඉහළ සැලකිලි ලාභ ප්‍රයෝජන ලබා ගන්න බැරි වෙනවා. ඔවුන්ට එය දරාගන්න බැරිව මේ පිරිසුදු විදිහට ආගම කියාදෙන අයට විරුද්ධව නැගී සිටිනවා . මෙය ඔබ වහන්සේ තේරුම් ගත යුතුයි. ඔබ වහන්සේ මහත් ආඩම්බරයෙන් පිළිගැනීමකින් පාරම්පරික මුස්ලිම් යන අයට සලකනවා මේ මෑතක තබ්ලික් ජමාත් හෝ තවුහිත් ජමාත් පැමිණීමට පෙර එනම් අවුරුදු පනහකට පමණ පෙර දක්වා මේ පාරමිපරික මුස්ලිම් කියන අයගේ බලය වැඩියෙන් පැවැත්වුණා .එම කාලයේ දී මුස්ලිම් ජනතාව සිංහල ජනතාවත් එක්ක ආගමික අවබෝධය ලබා ගැනීම සඳහා එක්ව කටයුතු කළාද? ඉස්ලාම් ධර්මය පිළිබඳව කිසියම් පොතක් පතක් සිංහල භාෂාවෙන් ලියලා සිංහල ජනතාවට ඒක සමාග ජයගත කරාද ?එසේත් නැත්නම් සිංහල මිනිසුන්ට  මිත්‍රශීලීව සැලකුවද ?මුස්ලිම් පල්ලි සිංහල පන්සල් දේවාල කෝවිල්සමග මොනවා හරි සම්බන්ධකමක් පැවැත් වුවා ද? මුස්ලිම් පල්ලියක් අසලම පිහිටා ඇති පන්සල් සමග හරි සම්බන්ධකමක් ඒගොල්ලො පැවැත්වුවාද? කොටින්ම කියනවා නම් සිංහල භාෂාව ඉගෙන ගන්න වත් මුස්ලිම් ජනතාවට ඉඩ දුන්නේ නැහැ. ඔවුන් මද්රසා පවත්වාගෙන ආවා අවුරුදු දහසකට වැඩි කාලයක් . එම කාලය තුළ මොන මද්රසා වකද සිංහල භාෂාව ඉගැන්වීම් විෂයමාලාවට ඇතුල් කෙරේ? මහජාතියේ භාෂාව සිංහල භාෂාවට ඒගොල්ලො තැනක් දුන්නද ?නැහැ. මෙන්න මේ විපාකය නිසා තමයි අපි සිංහල ජනතාවගෙන් ඈත් වී ,ඉස්ලාමය පිළිබඳ කිසිදු දැනුමක් සිංහල ජනතාවට දෙන්න බැරි උනේ. මේ මෑත යුගයේ තමයි නිවැරදි ඉස්ලාමය සිංහල භාෂාවෙන් පවා පොත්පත් විකාශනය වෙලා ඉස්ලාම් පිළිබඳව දැනුමක් මුස්ලිම් නො වන කට්ටියට  ලබා ගැනීමට හැකි වාතාවරණයක් ඇති වුණේ .මෙය ඔබ වහන්සේ තේරුම් ගත යුතුයි.

ඇත්තට සරල ලෙස පවසනවා නම් ගැරඬියෙක් ව බලාගෙන මහා විසගොර සර්පය කැයි පවසමින් මිනිස්සු බය ගන්නවාට වඩා දැන් අප රට මුහුණ දීලා තිබෙන dollar hitiyata විදේශිකයන් මේ රටට පැමිණීමට ඇති ඉඩ කඩ සියල්ල වාසියට හරවා ගත යුතුයි හැකිනම් තබ්ලික් ජමාත් warata ද ලංකාවට පැමිණෙන්න පුළුවන් කියන  නීති ක්‍රමයක් ලබා දීලා ඔවුන්ගෙන් ඩොලර් අපිට ලබාගන්න ක්‍රමවේදයක් කියයිද බලය බැලිය යුතුයි මේකයි අවශ්‍ය වෙන්නේ. ඔබ වහන්සේ එය හොඳට මතක තබාගන්න මුස්ලිම් ජනතාවට නයෂ්ටික අවි ලබා දුන්නත් මේ ලංකාව කලහකාරී ලෙස අත්පත් කර ගන්න කවදාවත් ලැබෙන්නේ නැත. ඒ වගේම මේ මෝඩ කතා අනුකූලව ජාතිය බෝ කරලා බහුතරයක් කරලා මේ රට අල්ලන්න හම්බවෙන්නෙත් නැහැ. ඉස්ලාමීය ඉගැන්වීම් තුළ කවදාවත් සංඛ්‍යාව වැඩි වීමේදි බලය ලබනවා කියලා හෝ ජයග්‍රහණය ලබනවා කියලා හෝ සඳහන් වෙලා නැත. මෙය රට අපටඅත්පත් කරගන්න අවශ්‍ය නැහැ. සිංහලයාටම පාලනය කරන්න බැරි සිංහලයාව මුස්ලිම් අපි ද පාලනය කරන්නේ? මේ නිකන් නාඩගම් කතා. ලංකාව කවදාහරි ඉන්දියානුවන් චීන්නුන් ඒ වගේම ඇමරිකානුවන් බෙදාගෙන අටමස්ථාන හෝ දොලොස්මස්තාන ටික සිංහලයාට ලබාදෙනු ඇත . උතුරු පළාත ද දමිළ ඩයස්පෝරාවට ඩොලර් කන්දරාවකට විකිණුනු ඇත. ඔයා පූජ්‍ය ස්ථාන ටික පාලනය කරන්න ජනාධිපති අගමැතිවරුන් කුමටද? ග්‍රාමසේව නිලධාරීන් විතරක් ඇති .මුස්ලිම් කට්ටියට අල්ලන්න වෙන්නේ නැට්ට තමයි.  ඒ නිසා මේ මිත්‍යා අදහස් වලින් තුරන්වී , රටේආර්ථිකයට වාසි ලබාගත හැකි යමක් තියෙනවා නම් ඒ ගැන හිතන්න. අවසාන වශයෙන් ඔබ වහන්සේට දෙයක් කියන්නම් එය ජීවිතයට ම අමතක කරන්න එපා මෙය අනිවාර්යෙන් ඔබ වහන්සේට අවසානයේදී මතක් කරන්න වේවි, යම් කෙනකු යමක් දෝතින් ඔසවා ගන්නේ එය හිස මත තබාගෙන සිටීමටම නොව .එය දේ ඔහුට අවශ්‍ය වෙලාවේ හිසමත තියාගන්නත්,  පසුව එය ආරක්ෂිතව බිම තබන්නත් පුළුවන්. උස්සලා පොළොවෙ ගහන්නත්  දෝතින් උසසල ගන්නත් පුළුවන්. දේශපාලනය ඔස්සේ ඔසවා තබන කිසිම කෙනකුට මෙයින් අත්වන අවසාන ඉරණම කොතැනකදැයි ඔවුන් දන්නේ නැත.

Post a Comment

Previous Post Next Post