බලධාරීන් දේශපාලන අතකොලු බවට පත් වි හොකී ක්‍රීඩාව නැවත අගාධයට පත් වේද?

බලධාරීන් දේශපාලන අතකොලු බවට පත් වි හොකී ක්‍රීඩාව නැවත අගාධයට පත් වේද?


මෙම වර්ෂයේ අගොස්තුවේදී එංගලන්තයේ හා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත ප්‍රවීණයන්ගේ ලෝක කුසලාන තරඟාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කිරිමට නියමිතය

ශ්‍රී ලංකා ප්‍රවීණ කාන්තා හොකී සංගමයේ විධායක කමිටුව මගින් තීරණය කරගත් පරිදි මෙවර ලෝක කුසලානය සදහා 35 වයස් කාණ්ඩය යටතේ එක් කණ්ඩායමක් තෝරා පත් කර ගැනීමට ඒකමතිකව තීරණය කර ගනිමින් විධිමත් තේරීම් කමිටුවක් යටතේ 30 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා පත් කරගන්නා ලදි. 

අවසන් තේරිම් තරග මගින් 20 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් 35 වයස් කාණ්ඩය යටතේ තෝරා පත් කර ගන්නා ලදි 

මෙසේ සිදුවන අතරතුර සංගමයේ ලේකම් තුමියගේ හිතමිත්‍රයන්  කණ්ඩායමට ඇතුලත් නොවීම නිසා එතුමියගේ තනි මතයට ඉතිරි සියලු දෙනා එක් කොට කණ්ඩායමක් 40 වයස් කාණ්ඩය යටතේ ඉදිරිපත් කිරිමට කටයුතු සූදානම් කළාය.

මෙම තීරණයට එක හෙලා සභාපතිනිය ඇතුළු විධායක කමිටුව විරෝධය පල කලත් ඒ සියලු විරෝධයන්ට පටහැනිව ලේකම්තුමිය කටයුතු කරගෙන ගියාය.

කෙසේ වෙතත් රටේ පවතින ප්‍රබල ආර්ථික පසුබෑම හමුවේ විශාල මුදලක් පෞද්ගලිකව වියදම් කරමින් සංචාරයට සහභාගි විය හැකි වාතාවරණයක් නොතිබූ නිසා සංචාරය ට සහභාගිනොවිමට 35 කණ්ඩායමේ වැඩි පිරිසක් තීරණය කරන ලදි.

මෙම කටයුතු ආරම්භයේ සිටම 35 කණ්ඩායම පිළිබදව කිසිදු වගකීමක් නොගන්නා බවට ලේකම්තුමිය තරයේ පවසා සිටි නිසා එම කණ්ඩාම මහත් අසීරුතාවට මුහුණ දි සිටියහ.

ලෝක කුසලාන තරගාවලියකට ප්‍රවිණ කණ්ඩායමක් සදහා ජාතික කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩිකාවන් තෝරා පත් කර ගත යුතු බව ව්‍යවස්ථාවේම සදහන් කරුණක් වුවත් ලේකම්තුමිය විසින් දැන් ඉදිරිපත් කරන කණ්ඩායමේ වැඩි පිරිසක් ජාතික තලයේ හෝ ශ්‍රීලංකා පාසල් මට්ටමවත් නියෝජනය කළ ක්‍රීඩිකාවන්  නොවේ.

එවන් පසුබිමක ශ්‍රීලංකා ජාතික කණ්ඩායමවත් නියෝජනය නොකල ක්‍රිඩිකාවකට කණ්ඩායමේ නායකත්වය ලබා දිමද හාසස්‍යට කරුණක් වගේම හොකී ක්‍රීඩාවටම අවමානයකි.

එලෙසම මෙම කණ්ඩායම තවමත් නිසි ලෙස පුහුණු කටයුතු සිදු නොකරන අතර හුදෙක් ඔවුන්ගේ අරමුණ මුදල් වියදම් කරමින් සංචාරයක් යෑම පමණි

මෙවැනි කණ්ඩායමක් ලෝක කුසලාන තරඟාවලියට ගොස් ඉතාමත් අඩු දක්ෂතා යටතේ ක්‍රීඩා කිරීම තුලින් ඉදිරියේදී පැවැත්වෙන තරඟාවලිය සදහා ශ්‍රීලංකා කණ්ඩායමකට සහභාගි වීමේ අවස්ථාව අහිමි විමට ඉඩ සැලසෙනු ඇත.

එවිට අනාගත හොකී ක්‍රීඩිකාවන්ට කිනම් ඉරණමක් අත්වේද?

අවසන් වශයෙන් සදහන් කල යුතු වැදගත් කාරණාව වන්නේ මෙවැනි නුසුදුසු කණ්ඩායමකට බලධාරීන් කිසිදු සොයා බැලිමකින් තොරව තරඟාවලිය සදහා සහභාගි වීමට අනුමැතිය ලබා දී තිබීමයි

මේ සදහා වගකිව යුතු සියලු නිලධාරීන් දේශපාලන අතකොලු බවට පත්වි මුදලට යට වි දක්ෂතා ඇති ක්‍රීඩිකාවන්ට හා ශ්‍රී ලංකාව වෙනුවෙන් අභිමානය ලබාදුන් ක්‍රීඩිකාවන් කල මහත් අසාධාරණයකි.

මෙවන් නුසුදුසු කණ්ඩායම් ජාත්‍යන්තර තරග සදහා ඉදිරිපත් කිරීමට අනුමැතිය ලබා දිමට කටයුතු කල ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය තරයේ හෙලා දකිමු. 



Post a Comment

Previous Post Next Post