
''වේට්ටෙයි"පුවත් සය වසරක් පිරීම යනු එහි සාර්ථකත්වය සමාජ මෙහෙවර ඉතා පැහැදිලිව කැඩපත් කරන අවස්ථාවකි.
විශේෂයෙන් ජාතික හා ජාත්‍යන්තර තලයේ
සිය ප්‍රේක්ෂක සමූහයාගේ නොවෙනස්වන ආදරය දිනා ගනිමින් යම් මහජන සේවා මාධ්‍යයකට වසර හයක් පැවතීමට හැකියාව ලැබෙනූයේ එහි විශිෂ්ටත්වය නිසාමයි.
"වේට්ටෙයි"දෙමළ භාෂා පුවත් හසුන සිය හයවන උපන්දිනය සමරන අද දවසේ එම පුවත්පතට අපගේ සුභාශිංසන පිරිනමන්නේ ඉහත සඳහන් ගාම්භීර හැඟීම
ඇතිවයි.
මා "වේට්ටෙයි"පුවත්පතේ පාඨකයකු නොවුනද එහි සහෝදර සිංහල ප්‍රකාශනය වන "සිතජය"පුවත් හස්නේ පාඨකයකු ලෙසත් විටින් විට එයට ලිපි සැපයූ ලේඛකයකු ලෙසත් මට "වේට්ටෙයි" පුවත්පත ගැනත් එහි ජාතික හා ජාත්‍යන්තර මහජන සේවා මෙහෙවර ගැන අවබෝධයක් තිබේ.
එසේම වසර දාහතක් මහනුවර ප්‍රාදේශීය පුවත්පතක් වූ the kandy news පුවත්පත පවත්වාගෙන ගිය කෙනෙක් හැටියට වසර හයක් "වේට්ටෙයි"පුවත්පත ඉටුකළ සේවාව පිළිබඳ මට මනා තක්සේරුවක් කළ හැකිව තිබේ. සිය හය වැනි වසර සමරන "වේට්ටෙයි"පුවත්පතට විරාත් කාලයක් සිය මහජන මෙහෙවරහි යෙදීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි සුභාශිංශනය කරමි.
සරත් කුමාර දුල්වල
ජේෂ්ඨ මාධ්‍යවේදී සහ සමාජ ක්‍රියාකාරීක


0 Comments